Call us today +9411 7 550 550

  • පරිණත ඔබටත් IT දැනුම “e-පරිණත” ජේෂ්ඨ පුරවැසියනට පරිගණක හා තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමට පුහුණු වැඩසටහනක්....


පරිණත ඔබටත් IT දැනුම “e-පරිණත” ජේෂ්ඨ පුරවැසියනට පරිගණක හා තොරතුරු තාක්ෂණ දැනුම ලබාදීමට පුහුණු වැඩසටහනක් .

රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ ජේෂ්ඨ පුරවැසියන් සමාජය වෙනුවෙන්, රට වෙනුවෙන්, අප වෙනුවෙන් කල මෙහෙවරට ඔරියන්ට් ඇකඩමි හිස නම ආචාර කරන්නෙමු. ඒ මෙහෙවරට යුතුකමක් ඉටු කරන්නට අප සුදානම්. නව ලොව තාක්ෂණය ඉතා ශීඝ්‍රයෙන් දියුණුවෙමින් පවතින යුගයක විශ්‍රාමිකයන් ගේ දෛනික කටයුතු පහසු කරන්නට අප මෙම වැඩසටහන සුදානම් කළෙමු.
විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන්ගේ දැනුම, ශක්තිය හා ශ්‍රම දායකත්වය අප රටට තව දුරටත් අත්‍යවශ්‍ය වේ. ඒ මන්ද යත් ඔවුන් සතු පරිපුර්ණ දැනුම හා සේවා කාලය තුල ඔවුන් ලද අත්දැකීම් නව පරපුරට මහඟු දායාදයක් වන බැවිනි. විශ්‍රාම ගියද, ඔවුන් සතු ජවය, ශක්තිසම්පන්න භාවය සහ පරිනතභාවය තව දීර්ඝ කාලයක් මේ රටට ලබා දිය හැකි බවට අප විශ්වාස කරන්නෙමු. විශ්‍රාම වැටුපට අමතරව නව අදායම් මාර්ගයක් උපයා ඔවුන්ගේ දිවිය ශක්තිමත් කිරීමටද, දෛනික අවශ්‍යතා තනිවම ඉටුකර ගැනීමට රුකුලක් දීමටද අප සුදානම්. .
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමග එක්ව ඔරියන්ට් ඇකඩමි විසින් විශ්‍රාමික ජේෂ්ඨ පුරවැසියන්ගේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ දැනුම ඉහළ නැංවීම උදෙසා දියත් කරන ලද නවතම ව්‍යාපෘතිය යි, ඉ-පරිණත .
ඉ-පරිණත යනු නව ලෝකය හා සම්බන්ධ වීමට හැකිවන පරිදි තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ මෙවලම් හැසිරවීමේ දැනුම ලබාදෙන පාඨමාලාවකි. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට පසුගියදා අත්සන් තැබිණ.

Course content

• Keyboard typing practice.
• Microsoft Word
• Using Internet
  -    E-Channelling
  -    E-Banking
  -   E-Business
  -    Online Shopping
  -    Payment handling and Billing
  -   Reading Newspapers
  -    Watching Movies –You Tube
  -   Creating & using e-mail
  -    Facebook
  -    Talking to others –Skype
  -   Using Google Maps
  -    Handling Android operating systems
  -    Viber
  -    WhatsApp
  -    Linked In

More Details